වහින්නට හැකි නම් ගිගුම් දී.. වියළි ගම් බිම් වලට
Wahinnata Hakinam Gigum Dee
  • Lenght : 02:49

  • Song

    වහින්නට හැකි නම් ගිගුම් දී.. වියළි ගම් බිම් වලට ගී පද / Wahinnata Hakinam Gigum Dee Lyrics

    වහින්නට හැකි නම් ගිගුම් දී
    වියලි ගම් බිම් වලට ඉහළින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොයිදෙන පැළක රහසින්
     
    රැදෙන්නට හැකිනම් ළමා කැළ
    හඩන දෙතොළක සිනාවක් වී
    පිපෙන්නට හැකිනම් තුරින් තුර
    නෙළා ගත හැකි වන මලක් වී
     
    නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
    සබෑවන සුබ සිහිනයක් වී
    ගැයෙන්නට හැකිනම් දොරින් දොර
    ලොවම පූබුදන ගීතයක් වී
     
    වහින්නට හැකි නම් ගිගුම් දී
    වියලි ගම් බිම් වලට ඉහළින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොයිදෙන පැළක රහසින්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS