වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් පෙම් ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද
රෝස පතක කවි ලිව්වේ
සුවඳ දිදී තියාගන්න
මේ විදියට ගී ගැයුවේ
ඉන්න තැනකදී ඇහෙන්න
මේ විදියට ගී ගැයුවේ...
ඉන්න තැනක දී ඇහෙන්න...
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද...
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද
උස අත්තක මලක් උනේ
ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න
අවසානේ උරුම උනේ...
මල් පොකුරක එකක් වෙන්න...
වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් පෙම් ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද
Other Versions
Related Songs
View All →
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ