රෑ පානෙ තරුවක් දිස්වෙන්නේ
නුඹ කෝ කියා
ඇසුවා එදා
මා ගාවින් තනියයි වැලපෙන්නේ
කදුලින් සදා මල් දම් ගොතා
හිරි වැටුනු සද සේ ආ
නිදි වරපු රෑ මා
තනිවෙන්න හදවත් දැන් හිගයි
වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ
ලංවී ඉන්න මා නම්
රහසක් කියනවා නම්
මොහොතක් තනිවී සොයමී ආදරේ
මනලෝල රංග සේනා
අතේ සියුම්ව දරා
නැවතිලා නැවතිලා නෑ
නුඹ රහසේ කියන ගීත
සෙමින් ඇසෙන්නේ ගාතා
පැටලිලා පැටලිලා නේ
හිරි වැටුනු සද සේ ආ
නිදි වරපු රෑ මා
තනිවෙන්න හදවත් දැන් හිගයි
වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ
වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ
ලංවී ඉන්න මා නම්
රහසක් කියනවා නම්
මොහොතක් තනිවී සොයමී ආදරේ
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි