විනේ කටින වුන් තරහක් නොකියාම
Vine Katina Un
  • Lenght : 03:12

  • Song

    විනේ කටින වුන් තරහක් නොකියාම ගී පද / Vine Katina Un Lyrics

    විනේ කටින උන් තරහක් නොකියාම
    කනේ කොහොඹ මිරිකනවා හැමදාම
    ගුණේ රැකන් ඉන්නලු මල හිමිගේම
    වණේ නැතිව උන් දුක දන්නේ කෝම
     
    ගමේ ගැටව් කරබාගෙන උන්නාට
    විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට
    නෙලා ගනිමි යැයි කප් රුක පිදුවාට
    ඉනේ රෙද්දමයි හිටියේ හරහාට
     
    විනේ කටින උන් තරහක් නොකියාම
     
    ලැමේ කිරට මොර ගහනා පැටියන්ට
    අනේ කවුද ඉන්නේ වේලක් දෙන්න
    ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
    වරෙව් මහතුනේ කුණුකය වලඳන්න
     
    විනේ කටින උන් තරහක් නොකියාම

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS