🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Uthuru Saluwen Wasa
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Uthuru Saluwen Wasa

උතුරු සළුවෙන් වසා

Watch on YouTube
උතුරු සළුවෙන් වසා ලය මා
යන්නෙමී උඩුගම් බලා 
සමා අවසර නුඹේ පපුතුර
ජීවිතේ කදුළක් කලා ...
 
ගඟ ගලා යන මඟ බලා ඉමි
නුඹෙ නූවන් දකිනා තුරා 
අපි කතා වෙමු හදාගන්නට
හිත බිඳුණු තැන් සොය සොයා ...
 
වසන්තෙක වෙස් වලා ගෙනවිත් 
විලම නෙළුමින් හැඩ කලා
ප්‍රේමයේ හැඩරුව මකා නුඹ 
සුදු නෙළුම් මල රතු කලා
 
ජීවිතේ ඇස වැසුණු දවසක
කළුවරේ හිත රවටලා 
අනේ සොඳුරිය පුදසුනෙන් නුඹෙ
මලක් මා සොරකම් කලා ...
 
ඇස වසාගමි තවත් දවසක 
සිහිනයක් නොදකින නියා
ආදරය මහ පුදුම රිදුමක්
මා නොදැන මා විදවනා ...
 
සඳට බෑ පායන්න මිහිමත 
නුඹ මගේ අහසම වෙලා 
අනේ සොඳුරිය පිරිමදිනූ මැන
හිස තියා නුඹෙ ළය පුරා ..

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ