උදාර ගති
Udara Gathi
  • Year : 2022

  • Song

    උදාර ගති ගී පද / Udara Gathi Lyrics

    සිදුවිය හැකි දේවල් කොයි මොහොතක සිදුවෙනවද 
    එන දේට මුහුණ දෙමුද සූදානම කොහොමද හොඳ
    කල යුතු දේ කොතරම් වෙද මිනිසුන් ලෙස
    කරනා දේ හරියට දැන කලයුතු මය
     
    ඉදිරිය ගැන හිතන්නෙ ඉදිරියෙ අය නොව අපිමය 
    දැන් දේ දැන් කරන්න හොඳ දේ කවදත් හොඳමය 
    දිරිය දරන තැන ජය වේ හැම මොහොතෙම 
    මලක් වගේ සුවඳ හමයි එකමුතු තැන
     
    හරි දේ හරි විදිහට අගයන්නට වෙයි හැමටම 
    ජීවිතේ අත්විඳින්න මෙය හඳුනා ගත යුතුමය
    උදාර ගති පෙරටම යයි නිරතුරුවම 
    නිවහල් බව ගීයකි හදවත සනසන

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS