තරු එළියද හිරිහැර කරයි
නිවි නිවි දිලෙමින්
දිළි දිළි නිවෙමින්
මද සුළඟද කලබල කරයි
මල් කිති කවමින් දිය රළ බිඳිමින්..//
රෑ තුන් යම නිදි නොලබා
වදනින් වදනට ගළපා
ඔබට ලියා ගෙන ආ සංදේශය කෙසේද මුමුණන්නේ
නිදි නැති කොවුලකු කෑ ගසයි
තරු එළියද හිරිහැර කරයි
නිවි නිවි දිලෙමින්
දිළි දිළි නිවෙමින්
මද සුළඟද කලබල කරයි
මල් කිති කවමින් දිය රළ බිඳිමින්
දහසක් ඇස් කන් රවටා
රහසක් දිනකින් සඟවා
රහසේ රචනා කළ සංදේශය කෙසේද මුමුණන්නේ
පිනි කැට හඬ දී බිම වැටෙයි
තරු එළියද හිරිහැර කරයි
නිවි නිවි දිලෙමින්
දිළි දිළි නිවෙමින්
මද සුළඟද කලබල කරයි
මල් කිති කවමින් දිය රළ බිඳිමින්..//
Related Songs
View All →
Ahi Dara Pawa
ඇහි දාර පවා
Kele Mal
කැලැ මල් පිබිදේ
MANAMALA KATHA
මනමාල කතා
Mage pa yuga wenda
මගෙ පා යුග වැඳ
Epa Thawath Oba Ma Rawatannata
එපා තවත් ඔබ මා රවටන්නට
Namosththu à¶à·š
නමෝස්තු තේ