සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්
Suwanda Thiya Ma Laga Oba Aran Yanna Mal
  • Category : Music Video
  • Lenght : 03:08

  • Lyrics

    Rathna
    Sri
    Song

    සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් ගී පද / Suwanda Thiya Ma Laga Oba Aran Yanna Mal Lyrics

    සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්..
    නෙත නිලුපුල් වත රතුපුල්
    නෙත නිලුපුල් වත රතුපුල්
    කොඳ කැකුළු සිනා මල්..//
     
    මේ අහස යටම කොතැනක හෝ ඔබ ඉන්නව නම්
    මම ඉන්නම් ඒ සුවඳ තියන් යළි ඔබ එනකල්..//
     
    සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්..
    නෙත නිලුපුල් වත රතුපුල්
    නෙත නිලුපුල් වත රතුපුල්
    කොඳ කැකුළු සිනා මල්..
     
    රජ සිටුමැතිවරු මිලට අරන් වසන්ත සල්පිල්
    මට කියන්න ඔබ හැර කොයින්ද මිල නොකළැකි මල්  ..//
     
    සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්..
    නෙත නිලුපුල් වත රතුපුල්
    නෙත නිලුපුල් වත රතුපුල්
    කොඳ කැකුළු සිනා මල්....//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS