සුමුදු වලාවක අඳුර වෙලා නුඹ
Sumudu Walawaka Andura Wela Numba
  • Lenght : 03:49

  • Song

    සුමුදු වලාවක අඳුර වෙලා නුඹ ගී පද / Sumudu Walawaka Andura Wela Numba Lyrics

    සුමුදු වලාවක
    අඳුර වෙලා නුඹ
    මට දුන් කඳුළු බිඳු
    සිනා මලක් වී
    යලි යලි පිපියන්
    පෙම් කල සිතක මතු //
     
    සිහින හතක් මැද
    පෙනි පෙනි නොපෙනෙන
    සුර කුමරියක් වෙලා //
    එපා හිඳින්නට
    දෙතුන් දැහැන් බැඳ
    සිත පව් පුරනු එපා
     
    සුමුදු වලාවක ..
     
    බඹර තුඩට සුව
    මලක සුවඳ නොව
    මල් අග රැඳුනු පැණි //
    සොඳුරු සිතක හැඩ
    රෝස කොපුල් යුග
    දුටුවම කියනු බැරි
     
    සුමුදු වලාවක..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS