සුළඟ ඔබද.. මගෙ සුසුම අරන් යන්න එනවද
Sulanga Obada
  • Lenght : 04:56

  • Lyrics

    Mahinda
    K
    Song

    සුළඟ ඔබද.. මගෙ සුසුම අරන් යන්න එනවද ගී පද / Sulanga Obada Lyrics

    සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
    සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද...
    තරුව ඔබද.අහසේ තනි වෙන්න ඕනැද
    එයා ඔබද යලි හමුවෙන්න එනවද...
     
    සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
    සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද...
    තරුව ඔබද.අහසේ තනි වෙන්න ඕනැද
    එයා ඔබද යලි හමුවෙන්න එනවද...
     
    ලැජ්ජාවට දෝ... අහක බලන්නේ
    හුරතලයට දෝ මුහුණ වහන්නේ
    තරහ වෙලාදෝ... හිනා නොවෙන්නේ
    යලි කවදාදෝ ආපසු එන්නේ.
     
    සැනසීමටදෝ... ඈත බලන්නේ
    ආදරයට දෝ මට රිදවන්නේ...
    කවුරු නිසාදෝ... ඔබ ලතැවෙන්නේ
    යලි කවදා දෝ අපි හමුවන්නේ
     
    තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
    සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
    කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
    දුක මටද මගේ දුක විදගන්න දෙනවද...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS