සුළං කපොල්ලේ.. තැනු කැදැල්ලේ
Sulan Kapolle Thanu Kadalle
  • Lenght : 03:39

  • Song

    සුළං කපොල්ලේ.. තැනු කැදැල්ලේ ගී පද / Sulan Kapolle Thanu Kadalle Lyrics

    සුළං කපොල්ලේ
    තැනූ කැදැල්ලේ
    කෑලි කැඩී බිඳී වැටෙයි
    නිල් කඳු රැල්ලේ //
     
    කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
    දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
    යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
    පිළිගනු ඈ කොහි යන්ට ද නැවත ඉගිල්ලී
     
    සුළං කපොල්ලේ
    තැනූ කැදැල්ලේ
    කෑලි කැඩී බිඳී වැටෙයි
    නිල් කඳු රැල්ලේ
     
    ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
    කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
    ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
    ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ
     
    සුළං කපොල්ලේ
    තැනූ කැදැල්ලේ
    කෑලි කැඩී බිඳී වැටෙයි
    නිල් කඳු රැල්ලේ //

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS