🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Sihinayata Tharam Thatu Ne Mata Nam
Play Video
Duration ⏱ 03:44
Category Music Video
Music Video ▶ YouTube Original Song

Sihinayata Tharam Thatu Ne Mata Nam

සිහිනයට තරම් තටු නෑ මට නම්

Watch on YouTube
සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ
 
කඳු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර
සිත නුඹම සොයා වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර
සයුරක් වී වැතිර නුඹ සරලි නගනා අතර
කිරි සිනා ගඟක් මියුරු ලෝකෙන් අරං එයි
ඉන්නවාද ඇහැර
 
සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ
 
කඳුලක් ළඟට දුර තව දුරස් කලේ නුඹය
වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර
සෙනෙහස් සිහින මල් හැම සැබෑ කෙරූ සසර
නුඹ සඳකි රුවන් කුමුදු යායක් පුබුදු කල
මා හදවත සුවඳ
 
සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026