සෙනෙහේ අම්මාගේ
Senehe Ammage (Sathutin Ithiri Senehe Mihiri)
  • Category : Music Video
  • Lenght : 03:59

  • Song

    සෙනෙහේ අම්මාගේ ගී පද / Senehe Ammage (Sathutin Ithiri Senehe Mihiri) Lyrics

    සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී
    අහසේ හිරු සේ අම්මා නිවසේ
    සුව සැදූ හිරු සඳූ අප හැම ලංකෙරූ
    සෙනෙහේ අම්මාගේ
    සෙනෙහේ අම්මාගේ
     
    රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලා
    මව්ගෙන් බෙදිලා නාභි නික්මන් කළත්
    නොපෙනා ආදරේ පවුරකින් බැඳිලා
    සෙනෙහේ අම්මාගේ
     
    සිතැඟි හඳුනා හරි දේ පෙන්වා
    වරදින් මුදවා ඔවදන් දුන්නා
    නොපෙනා ආදරේ පවුරකින් බැඳිලා
    සෙනෙහේ අම්මාගේ
     
    සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී
    අහසේ හිරු සේ අම්මා නිවසේ
    සුව සැදූ හිරු සඳූ අප හැම ලංකෙරූ
    සෙනෙහේ අම්මාගේ
    සෙනෙහේ අම්මාගේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS