සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා
කල් බලන් සිටිය බඹරින්දා
විල් තෙරෙන් හමන මද නල හා
මුසුව සියපත් දෙතොල් පොපියා
මුසුව සියපත් දෙතොල් පොපියා
හාදු දී මා දිහා බැලුවා
සීත දිය රැල් සලා...
විල් තෙරේ පීනු සුකුමාලා
රත් පියුම් රේණු මා දැකලා
ඇයිද බියපත්ව රත් පියුමේ
ඇයිද බියපත්ව රත් පියුමේ
හාදු දී මා දිහා බැළුවේ..
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි