සරා සඳකින් ගී පද / Sara Sandakin Lyrics
සරා සඳකින් සෙනේ සොයාලා
අමා රැයකින් කඳුළු හෙළුවා
සිතේ කොනකින් පැතුම් සඟවා
සෙනේ පියුමන් පරව හැලිලා
හමන සුළඟෙන් සුවඳ දැනුණා
මතක අතරින් රිඳුම් උහුලා
මෙතෙක් දුර ආවේ ඇයි කියලා
කියනු හැකිනම් රහසේ කොඳුරා
රිඳුම් සඟවා දුරට ඇඳිලා
ඈත යන්නම් ඔබෙන් මිඳිලා
සෙනේ තරමක් හදේ සඟවා
දුරින් ඉන්නම් අහිමි හින්දා......
