සංසාරිණී
Sansarini
  • Category : Music Video

  • Song

    සංසාරිණී ගී පද / Sansarini Lyrics

    කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
    අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
     
    සඳේ මං කෙසේ කියන්නේ
    හිතේ තියෙන ඒ ආදරය
    මා මන්මත් කෙරූවා කියා... ඔබ දුටූදා...
    නෙතේ වේදනා නිවෙන්නේ
    ඔබේ රූ නිසා
    හිත පාවෙලා දුර ගියා....
     
    පෙම් වර්ෂා වහී මා තෙමා...
    සිත් සංඛා නිවී යයි මෙදා...
     
    සංසාරිණී මගේ - නන්නාඳුනන්නියේ
    මා මවනා හීනයේ - ඔබ ඉන්නවා වගේ//
     
    දේදුන්නේ පවා නැති සොබා රූපේ
    හැංගෙන්නේ ඔබේ ලඟ තමා...
    කුළුඳුලේ මාගේ ප්‍රේමාදරේ...
    නේක වාරේ බැඳේ හදවතේ...
     
    පෙම් වර්ෂා වහී මා තෙමා...
    සිත් සංඛා නිවී යයි මෙදා...
     
    සංසාරිණී මගේ - නන්නාඳුනන්නියේ
    මා මවනා හීනයේ - ඔබ ඉන්නවා වගේ//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS