සඳුද අවදියෙන්.. තරුද අවදියෙන්
Sanduda Awadiyen Tharuda Awadiyen
  • Lenght : 04:07

  • Song

    සඳුද අවදියෙන්.. තරුද අවදියෙන් ගී පද / Sanduda Awadiyen Tharuda Awadiyen Lyrics

    සඳුද අවදියෙන්
    තරුද අවදියෙන්
    මේ නිශාන්තයේ
    ඔබ ළඟ නැති තව 
    දිනක් ගෙවී යයි
    තනි වුණ වසන්තයේ ...
     
    සීතල ඇතිරුණි මිහිලිය ළය මත
    කොඳ කෙමි පිපුරුනි මධු පුරවා
    උණුසුම දිසුණේ නෑ නෙත මානෙක
    ඔබ ළඟ නැතිවම 
    අද මා තනිවම..
     
    පහන් නොදැල්විණි ඔබෙ පැල්පත තුළ
    නිදිමත අඩ නෙතුපිය සනහා
    මගේම කඳුළක් වී පිනි බිඳු ලෙස
    ඔබෙ කවුළුව ළඟ 
    පිපි මල් පෙති මත

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS