සඳ රාජිනී ඇයිද හැංගී
Sanda Rajini Aida Hangi
  • Lenght : 04:26

  • Song

    සඳ රාජිනී ඇයිද හැංගී ගී පද / Sanda Rajini Aida Hangi Lyrics

    සඳරාජිනි ඇයිද හැංගී... ඇයිද හැංගී.....
    මේ රැයේ.. පාලුවේ.. වේදනා.. මා දවාවී..
    සඳ රාජිනී ඇයිද හැංගී... ඇයි ද හැංගී
    මේ රැයේ පාලුවේ.....
     
    ඈ හා බැඳී ආවා එදා
    සමුගන්න මාගෙන් මීදීලා.....
    මතකේ සදා.. සුවඳේ වෙලී..
    සංසාරයේ ඉන්න මා හා......
     
    ජීවිතේ මා පැතු ඒ සිනාවෝ.....
    ජීවිතේ මා පැතු ඒ සිනාවෝ.....
    වේදනා යා කලේ මායාව සේ.....
    වැලපෙන්නදො මේ ලෙසින්.
     
    සඳරාජිනි ඇයිද හැංගී... ඇයිද හැංගී.....
    මේ රැයේ.. පාලුවේ..
     
    රෑ තුන්යමේ හඬනා මගෙන්
    වෙන්වෙන්න සිතුවේ කෙසේදෝ...
    සුලඟේ රැඳී කාටත් හොරා.....
    මාගේ ලඟින් ඉන්නදෝ....
     
    ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ....
    ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ....
    වේදනා යා කලේ මායාව සේ.....
    පලිගන්නදෝ මේ ලෙසින්......
     
    සඳරාජිනි ඇයිද හැංගී ඇයිද හැංගී.....
    මේ රැයේ.. පාලුවේ.. වේදනා.. මා දවාවී.
    සඳ රාජිනී ඇයිද හැංගී ඇයි ද හැංගී
    මේ රැයේ පාලුවේ.....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS