සැඳෑ කළුවර කුර ගගා විත්
Sanda Kaluwara Kura Gaga With
  • Lenght : 03:28

  • Lyrics

    Madawala
    S
    Song

    සැඳෑ කළුවර කුර ගගා විත් ගී පද / Sanda Kaluwara Kura Gaga With Lyrics

    සැඳෑ කළුවර කුර ගගා විත්
    ඔබේ පැල්පත මගේ දසුනෙන්
    ඈත් වූ සඳ මගෙ සරා සඳ
    තනි වෙලා මා තනි වෙලා…..
     
    වළාකුලකුදු නොමැති අහසේ
    මලානික වූ මගෙ සිතුවිලි
    ගල් ගැසී ඇත පාළු වී ඇත
    අදුර පමණක් රජ වෙලා……..
     
    සැඳෑ කළුවර කුර ගගා විත්
    ඔබේ පැල්පත මගේ දසුනෙන්
    ඈත් වූ සඳ මගෙ සරා සඳ
    තනි වෙලා මා තනි වෙලා…..
     
    ඔබේ ලෝකය මගේ ලෝකය
    අතර ඇත්තේ රැයක් පමණයි
    ගව් ගනන් දුර ජීවිතේ බර
    මගේ හිස මත බරවෙලා………
     
    සැඳෑ කළුවර කුර ගගා විත්
    ඔබේ පැල්පත මගේ දසුනෙන්
    ඈත් වූ සඳ මගෙ සරා සඳ
    තනි වෙලා මා තනි වෙලා….

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS