සැන්දැ කළුවර ගලා හැලෙන විට
Sanda Kaluwara Gala Halena Wita
  • Lenght : 02:56

  • Song

    සැන්දැ කළුවර ගලා හැලෙන විට ගී පද / Sanda Kaluwara Gala Halena Wita Lyrics

    සැන්දෑ කළුවර ගලා හැලෙන විට
    සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි
    ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
    ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි
    සැන්දෑ කළුවර ගලා...
     
    කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණු
    අමා සුවය දෙන අතු පැල හෙවණේ
    අසරණ වූ දා මට ඔබ පමණයි
    මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ
     
    සැන්දෑ කළුවර ගලා හැලෙන විට
    සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි
    සැන්දෑ කළුවර ගලා...
     
    පිබිදෙන ලොව හා තරග කරන්නට
    හෙට අළුයම යළි පිටවිය යුතුවේ
    ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
    ඔබේ හදට වැඩියෙම තව ළංවේ
     
    සැන්දෑ කළුවර ගලා හැලෙන විට
    සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි
    ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
    ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි
    සැන්දෑ කළුවර ගලා...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS