සාගරය බඳු වේදනාවෝ
සුන්වෙලා යනවෝ
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ
පෙරුම් පුරනා බෝසතුන්ටත්
මාර සෙන් සිටියෝ
ඉතින් එහෙනම් අපට නැතිවෙද
රුදුරු බාධාවෝ
පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස
බෝසතුන් සිතුවෝ
ඉතින් එහෙනම් අපිත් ඉවසමු
දුක්ඛ ගංගාවෝ
එදා කඳුලැල් මෙදා හසරැල්
පැතුම් ඉටුවෙනවෝ
පැතුම් හොඳනම් යනෙන ගමනෙදි
සිහින එළිවෙනවෝ
මිනිස් ලොවකට ලබන්නට බැරි
ජයක් කොතැනකදෝ
මිනිස්කම් මත දිවි ගෙවයි නම්
ඔවුන් ජය ලැබුවෝ
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna