සාගරය බඳු වේදනාවෝ සුන්වෙලා යනවෝ ගී පද / Sagaraya Bandu Wedanawo Lyrics
සාගරය බඳු වේදනාවෝ
සුන්වෙලා යනවෝ
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ
පෙරුම් පුරනා බෝසතුන්ටත්
මාර සෙන් සිටියෝ
ඉතින් එහෙනම් අපට නැතිවෙද
රුදුරු බාධාවෝ
පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස
බෝසතුන් සිතුවෝ
ඉතින් එහෙනම් අපිත් ඉවසමු
දුක්ඛ ගංගාවෝ
එදා කඳුලැල් මෙදා හසරැල්
පැතුම් ඉටුවෙනවෝ
පැතුම් හොඳනම් යනෙන ගමනෙදි
සිහින එළිවෙනවෝ
මිනිස් ලොවකට ලබන්නට බැරි
ජයක් කොතැනකදෝ
මිනිස්කම් මත දිවි ගෙවයි නම්
ඔවුන් ජය ලැබුවෝ
