සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි
Sabanda Kamak Nathi
  • Lenght : 03:26

  • Lyrics

    Bandara
    K
    Song

    සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි ගී පද / Sabanda Kamak Nathi Lyrics

    සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි 
    මා තේරුම් ගනු ඔබට නොහැකි නම්...
    ඔබ තේරුම් ගනු මටද නොහැකි නම්...//
     
    වසර ගණන් කල් සිනාසුනෙමු අපි 
    වසර ගණන් කල් කථා කළෙමු අපි 
    එහෙත් කවුද ඔබ..... ඔබට කවුද මා ....
    ඔබත් නොදන්නෙහි...මමත් නොදන්නෙමි..
     
    සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි 
     
    අත්වැල් බැඳගෙන මහවැලි ඉවුරේ 
    පෙර දින සැන්දෑ සමය ගෙවී ගිය.. 
    නමුදු කවුද ඔබ..... ඔබට කවුද මා....
    ඔබත් නොදන්නෙහි...මමත් නොදන්නෙමි..
     
    සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි 

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS