රණ හංස යුවල නිමල නිල් ජලාසේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ
රතු රෝස මලක් ලයට ලංවුනා
පෙමින් බැදුනු සිතින් දකිනා
ඒ සිහින මාහද මියුරු කල්පනා
රණ හංස යුවල නිමල නිල් ජලාසේ
ගල් ලෙන්හි සැගවු කුමාරි
මුදවන්න තුරගුන් අරා
ආවා සේ කුමරෙක් පුරාණේ
කුමරා මගේ එන්නෙදෝ
ඔහු ආදරෙයි මා ආදරෙයි මුළු ජීවිතේ....
රණ හංස යුවල ..
සංසාර සංචාරයේදි
උන්නාලු ඔහු මා ලගින්
දොරගුක් දමා හැංගුවත් මා
සගවන්න බෑ පෙම් හැගුම්
අප ප්‍රේමයේ සංග්‍රාමයෙන් ජය ගන්නවා....
රණ හංස යුවල ..
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි