පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
Punsanda Reta Awidin Hene
  • Lenght : 04:32

  • Lyrics

    Rathna
    Sri
    Song

    පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ ගී පද / Punsanda Reta Awidin Hene Lyrics

    පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
    රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද
    තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
    රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව
     
    නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
    පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
    මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
    මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
     
    පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
     
    රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන
    රන් මල් යාන හීනෙන් දකින පින පමණ
    තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන
    රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන
     
    පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS