පිපුණු මලේ රුව එමල දනීදෝ ගී පද / Pipunu Male Ruwa Emala Danido Lyrics
පිපුනු මලේ රුව එමල දනීදෝ
පිපුනු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා
හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි
නුඹ අත කර ලන දා
නුඹ අත කර ලන දා..//
කටු මැටි බිත්තිය හැඩ කර කර අදිනා
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා ආදර දියනියනේ..
ආදර දියනියනේ..
පාලු කනට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ
ලිදේ අඩිය හිරු නොබලන පින්නෙ
එබී ලිදට නුඹ ඈයි හිනැහෙන්නේ
නොතලන් සිත මා ආදර දියනියනේ..
ආදර දියනියනේ..
පාලු කනට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ
පිපුනු මලේ රුව එමල දනීදෝ
පිපුනු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා
හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි
නුඹ අත කර ලන දා
නුඹ අත කර ලන දා
