පිනි වැටෙනා මල් යායේ පාවී යයි සුනිල් වලා
Pini Watena Mal Yaye Pawi Yai
  • Lenght : 03:57

  • Song

    පිනි වැටෙනා මල් යායේ පාවී යයි සුනිල් වලා ගී පද / Pini Watena Mal Yaye Pawi Yai Lyrics

    පිණි වැටෙනා මල් යායේ
    පාවී යයි සුනිල් වලා
    බොඳ මීදුම් කඳු අතරේ
    ඔබව සොයා මා එන්නේ../
     
    පිණි වැටෙනා මල් යායේ
    පාවී යයි සුනිල් වලා
     
    එකම ඉසව්වක බැඳී සිටින සඳ
    හමුවන්නට නොහැකිය ළතැවී
    සිත රැඳි පැතුමන් පොදි බැඳ එන අද
    ඔබට කියන්නට ප්‍රිය ළඳුනේ
     
    නිල්වන් දෑසින් මා මත් කරනා
    සුන්දර අරුණැල්ලේ
    රන්වන් සමනල තටු සලමින් යන
    ඔබ වෙත මා එන්නේ
     
    පිණි වැටෙනා මල් යායේ
    පාවී යයි සුනිල් වලා
    බොඳ මීදුම් කඳු අතරේ
    ඔබව සොයා මා එන්නේ
     
    අපේ ලොවක තනි වෙන්නට පැතුමන්
    කොතරම් පිරුණත් වරම් නැතේ
    බාධක හමුවේ නොසැලී ඉමු අපි
    භවය පුරා පෙම්වතුන් ලෙසේ
     
    නිල්වන් දෑසින් මා මත් කරනා
    සුන්දර අරුණැල්ලේ
    රන්වන් සමනල තටු සලමින් යන
    ඔබ වෙත මා එන්නේ
     
    පිණි වැටෙනා මල් යායේ
    පාවී යයි සුනිල් වලා
    බොඳ මීදුම් කඳු අතරේ
    ඔබව සොයා මා එන්නේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS