ඔබෙන් මිදිලා
Oben Midila
  • Category : Lyrics Video
  • Year : 2022

  • Lyrics

    Skay
    Jay
    Song

    ඔබෙන් මිදිලා ගී පද / Oben Midila Lyrics

    ඔබෙන් මිදිලා යන්න බෑනේ
    පෙමින් බැඳිලා තාම මං..//
    ඒ දෑසේ කතාවන්- නෑ දැනුනේ එදා මෙන්
    මං යන්නම් ඉතින් මේ ලොවෙන්..//
     
    හිමි මට දුක විතරයි ආයේ
    බැහැ ඉන්නට ඔබ ලඟ පෙර සේ
    ඉරනම කඳුලයි මේ ආදරේ..
     
    වැරදී ඔබ ගිය මග අඳුරේ
    පැරදී එනවානම් සොඳුරේ
    ඉඩ තිබුනා තාමත් මේ හිතේ
     
    ඒ දෑසේ කතාවන්- නෑ දැනුනේ එදා මෙන්
    මං යන්නම් ඉතින් මේ ලොවෙන්..//
     
    Rap
    මිදෙන්න මිදෙන්න දෙන්නෙ නෑ ඔය හිතකට
    රිදෙන්න රිදෙන්න හුරැවුනා වෙිදනාවට
    කියන්න ලියන්නම් ආදරේ වටිනාකම
    කාටවත් ගන්න බෑ හිතේ ඔයාට තිබුන තැන
    කදුලට හුරැ වුනා ජිවිතේ මැදියමේ
    වැනසුනත් හිත නුබ රැදුනා මතකයේ
    වැලි කැටයක් මම නුබ නම් සාගරේ
    නොපෙනුනත් පන වගේ තවම ආදරේ
     
    හිරු සඳු හිටියට එක අහසේ
    බැහැ ලං වන්නට නම් සිත් සේ
    ඔබ මා අද ඉන්නෙ ඒ ඉමේ....
     
    මතකය දිය කරනා  කඳුලේ
    සුසුමක් දවටා ඔබෙ සුවදේ..
    තනිකම තනි මැකුවා පාලුවේ
     
    ඒ දෑසේ කතාවන්- නෑ දැනුනේ එදා මෙන්
    මං යන්නම් ඉතින් මේ ලොවෙන්..//
     
    ඔබෙන් මිදිලා යන්න බෑනේ
    පෙමින් බැඳිලා තාම මං..////

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS