ඔබ නැති මේ රෑ පුරා.. සිතුවිලි දැවුනා ගී පද / Oba Nathi Me Re Pura Lyrics
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා..
දුක දැනිලා මසිත හඬලා..
මා හීන ගොළුවී ගියා..
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා.
රිදවා පැතුම් පාරලා..
ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා.
රිදවා පැතුම් පාරලා..
සිත බිඳිලා සෙනෙහෙ නැතිදා..
රෑ පුරා සිත මගේ
ඔබ නිසයි වැළපුනේ..කුමරියේ..
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා..
දුක දැනිලා මසිත හඬලා..
මා හීන ගොළුවී ගියා..
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා..
හැර මා නොයන් කී නිසා..
පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා..
හැර මා නොයන් කී නිසා..
මා හැරදා නමුදු ගියදා..
වේදනා මට ලොවේ
ඔබ නිසයි හිමිවුනේ..ජීවිතේ..
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා..
දුක දැනිලා මසිත හඬලා..
මා හීන ගොළුවී ගියා..
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
