ඔබ ළඟ නැති මේ සසරේ තනිකම දැනුණා අඳුරේ ගී පද / Oba Langa Nathi Me Sasare Lyrics
ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැනුණා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ
රන් දේදුනු පෑවූ දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි දෙන්නා
විලඳ පොරි ඉහලා අපට සුබ පැතුවා
අසිරි හඬ දීලා මංගලම් කීවා
සුවඳින් පිරී හසරැුල් ඔබේ මගෙ මුව‘ගට ළං වූවා
ඔය රුව මගෙ නෙතු දුටුවා
ඔබ ළඟ නැති මේ සසරේ
සඳ කිරණ වැදිලා මල් සුවඳ දැනිලා
පිනි දහඩිය වැටිලා ඔබෙ මුහුණ දිලිලා
ඔබ හා මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි සිතුණා
රැුය පහන් කළා දෙදෙනා
ඔබ ළඟ නැති මේ සසරේ
