නුපුරුදු ආදරේ ත්‍රිකෝණේ
Nupurudu Adare Thrikone
  • Category : Music Video
  • Year : 2023

  • Lyrics

    Sajith
    V
    Song

    නුපුරුදු ආදරේ ත්‍රිකෝණේ ගී පද / Nupurudu Adare Thrikone Lyrics

    හංගන්න බෑ ආදරේ හදවතින් පිවිතුරූ.,
    සුසුමක් තිලිණකර මා කෙරේ ඔබ උනත් පරසතූ.,
    නුපුරුදු ආදරේ ත්‍රිකෝණේ - අසමාන පෙම් කතාවේ
    මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ.
    ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ
    මම ආදරේ නිසයි අරුන්දතියේ.
     
    හිනැහෙන්න බැහැ රිදෙන හදවතකට - ඔබ ගැන හිතීම හැර නෑ දෙයක් ඉතිරිව..
    නොදැනීම වරදක්ද කෙරුවේ අප - ඔබ මට කියන්න පැටලී ඇවිත් සිහිනෙක..
    නුපුරුදු ආදරේ ත්‍රිකෝණේ - අසමාන පෙම් කතාවේ
    මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ.
    ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ
    මම ආදරේ නිසයි අරුන්දතියේ.
     
    ඉගිලෙන්න තහනම් පියාපතකට - අරුතක් නගන්න අහසක් වෙලා නිහඬව
    ඔබ එන්න නැවතත් අරන් සැනසුම - පුලුවනි හිඳින්න එනකල් බලා පෙරමග.
    නුපුරුදු ආදරේ ත්‍රිකෝණේ - අසමාන පෙම් කතාවේ
    මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ.
    ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ
    මම ආදරේ නිසයි අරුන්දතියේ.

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS