නොලැබ ඔබෙ ආදරේ
ගෙවෙන මොහොතක් දිගේ
තුන් කල්පයක් වගේ
හිත දවනවා මගේ
සුවඳ පෙරදා ඔබේ
කොහෙද සැඟවී ගියේ
සිහිසුන් වෙලා වගේ
මම තවම පාලුවේ
නොලැබ ඔබෙ ආදරේ
ඇස් මගේ හඬවා ගියත්
මතකයන් ඇවිදින්
වෛර කෙරුවේ නෑ තවත්
ඔබට තුන් හිතකින්
සරදම් කොතෙක් කලත්
රිදුවම් මතක් වුනත්
පෙර වාගෙමයි අදත්
මම ආදරෙයි තවත්
මම ආදරෙයි තවත්
වාවන්නට බෑ තවත්
වියෝගෙක කඳුලැල්
හුස්ම නැතිවීලා ගියත්
සැනසුමක් මට දැන්
හඬවා දුරස් වුනත්
වෙනතක් බලා ගියත්
අමනාප නෑ තවත්
ඔබ එන්න ආයෙමත්
ඔබ එන්න ආයෙමත්
නොලැබ ඔබෙ ආදරේ
ගෙවෙන මොහොතක් දිගේ
තුන් කල්පයක් වගේ
හිත දවනවා මගේ
සුවඳ පෙරදා ඔබේ
කොහෙද සැඟවී ගියේ
සිහිසුන් වෙලා වගේ
මම තවම පාලුවේ
නොලැබ ඔබෙ ආදරේ
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි