Kauda Hari
1969
View film songs
එකින් එකට කොටු පැන පැන පෙරට ඇදෙන්නේ
දිනුම් පෙත්ත අතේ දුරයි කැපී වැටෙන්නේ
පැතුම් ගිරට රුවන් මිණයි මැවී පෙනෙන්නේ
දාදු දමන්නේ....
නැගෙන වැටෙන වැටී නැගෙන පෙරළැනෙ ලෝකේ
වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ
දරුණු රුදුරු නාග විසෙන් මැණික වැසෙන්නේ
වාසනාව නාග කටේ ඇයි බිය වන්නේ
බලාපොරොත්තුවේ දොරටු පවට වැසෙන්නේ
පිනට ඇරෙන්නේ
පියෙන් පියට දාදු පෙතෙහි කපටි ගැට වැටේ
ගැටින් ගැටේ ගැටී වැටේ මහ දහම් ගැටේ
වැටී පොරට යන්න පෙරට ගැටින් ගැට කැපේ
දාම දිනන්නේ..
ඇත්ත නැත්ත දාදු දමයි දිවි හටන් බිමේ
නැත්ත මගින් ඇත්ත නැඟී සිටී අන්තිමේ
විනිස දවස පැමිණිදාට කර්මයා අසයි කවුරුද හරි?
Related Songs
View All →
Mathakada Handewe
මතකද හැන්දෑවේ
Sandakada Pahanaka
සඳකඩ පහණක
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
Etha Ahase
ඈත අහසේ
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා