මිනිසා.. මරණ තුනක් ඇති.. මිනිසා.. බලා සිටී
Minisa Marana Thunak Athi
  • Lenght : 05:56

  • Song

    මිනිසා.. මරණ තුනක් ඇති.. මිනිසා.. බලා සිටී ගී පද / Minisa Marana Thunak Athi Lyrics

    මිනිසා...
    මරණ තුනක් ඇති මිනිසා.
    බලාසිටී...
    නිරුවත් දෑසින්. බලන්න
    කන්යාවී...
     
    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
    පයෝදර තුඩු ඉකිබිඳිද්දී ...
    සන්ත්රාසයෙන්
    අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
    වයන්න වීණා
    කන්යාවී...
     
    නියඟලා මල් පාට දේදුණු
    දෙබෑ කර එන ගිරා පොව්වන්
    පියුම් කැකුළක් තුඩින් පාරා
    බලෙන් පුබුදන
    හංසයා
    බලන්න නිරුවත් දෑසින්
    ඔකඳ වී රිද්මයෙන්
    රසා තලය කළඑළි ගන්වා
    වයන්න වීණා
    කන්යාවී
     
    මිනිසා
    මරණ තුනක් ඇති මිනිසා
    බලා සිටී...
    නිරුවත් දෑසින්
    බලන්න කන්යාවී
     
    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
    පයෝධර තුඩු ඉකිබිඳිද්දී
    සංත්රාසයෙන්
    අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
    වයන්න වීණා
    කන්යාවී...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS