මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්
Malata Renu Se Oba Langa Innam
  • Lenght : 04:23

  • Song

    මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම් ගී පද / Malata Renu Se Oba Langa Innam Lyrics

    මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්
    සඳට තරුව සේ තනිය මකන්නම්
    නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම්
    මියෙන තුරා ආදරෙයි කියන්නම්..//
     
    සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම්
    ආල කතන්දර හොර රහසේ කියාවි නම්
    සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම්
    ආල කතන්දර හොර රහසේ කියාවි නම්
    ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම්
    මියෙනතුරා ආදරෙයි කියන්නම්
     
    මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්
    සඳට තරුව සේ තනිය මකන්නම්
    නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම්
    මියෙන තුරා ආදරෙයි කියන්නම්
     
    පාළුව මකනා කවියක් සේ ඇසේවි නම්
    මා සවනේ රැව් දිදී රැඳී ඉඳීවි නම්
    පාළුව මකනා කවියක් සේ ඇසේවි නම්
    මා සවනේ රැව් දිදී රැඳී ඉඳීවි නම්
    ඔබ කිසිදා මා සිත නොතලා රැඳේවි නම්
    මියෙනතුරා ආදරෙයි කියන්නම්
     
    මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්
    සඳට තරුව සේ තනිය මකන්නම්
    නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම්
    මියෙන තුරා ආදරෙයි කියන්නම්..//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS