මල් පිට මල්.. හැලෙන දිගු මාවතේ
Mal Pita Mal Halena Digu Mawathe
  • Lenght : 03:19

  • Song

    මල් පිට මල්.. හැලෙන දිගු මාවතේ ගී පද / Mal Pita Mal Halena Digu Mawathe Lyrics

    මල් පිට මල් හැලෙන දිගු මාවතේ
    පිය මත පිය තබමින් හිනැහෙන නුබේ
    ඉගි නළුවට වශි වී
    අත්තල නගයි තුරුපත් පවා..
     
    දිය පිට දියරැලි නගන ගං දියේ
    සැඩ රළ මතින් ඔරුවක නැගි
    එතෙරට යනු දැක ඔබයි මමයි
    සැඩ නල පවා හමන හැටි පුදුමයි
     
    මල් පිට මල්…
     
    වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ
    උණුහුම් වෙමින් තුරුලත වෙලී
    මුදු රස විදින සඳ ඔබයි මමයි
    හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි
     
    මල් පිට මල්…

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS