මගෙ දුප්පත් ඇස් දෙක
Mage Duppath As Deka
  • Lenght : 03:53

  • Song

    මගෙ දුප්පත් ඇස් දෙක ගී පද / Mage Duppath As Deka Lyrics

    මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට
    එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම
    අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන
    මගෙ ආදරී
    මගෙ ආදරියේ ඇයි
    ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ
     
    සඳ රහසක් කිව්වා
    අහගෙන ඉන්නට බෑ
    ඔබෙ දෑසින් මිදිලා
    වෙන් වෙන්නට මට බෑ
    මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි
    පෙති ගිලිහුණ මල වගෙ මගෙ හදවත වැළපෙයි
    මගෙ ආදරී
    ඔබ වෙනුවෙන් තාමත්
     
    මතු හැමදාමත් මගෙ හදවත වැළපෙයි
     
    එක සිහිනෙක දුටුවා
    ලස්සන සුර අඟනක්
    තව දවසක දුටුවා
    වෛරයෙ ගිනි පුපුරක්
    සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිල්ලියේ
    ඔබෙ වෙනසක් දැක්කම මට හැඬෙනවා රහසේ
    මගෙ ආදරී
    දිවි ඇති තෙක් සුවඳයි
     
    මල් වගෙ සුවඳයි
    තාමත් ඔබ මගෙමයි
     
    මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට
    එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම
    අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන
    මගෙ ආදරී
    මගෙ ආදරියේ ඇයි
    ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS