මගෙ ආදර පවසට ඔබ
Mage Adara Pawasata Oba
  • Lenght : 04:02

  • Song

    මගෙ ආදර පවසට ඔබ ගී පද / Mage Adara Pawasata Oba Lyrics

    මගෙ ආදර පවසට ඔබ
    නියං කලට හඬන අහස
    මගෙ ආදර වරුසාවට
    යටිකුරු කල කලසකි ඔබ
     
    මගෙ ආදර සිලිලාරට
    නෙළුම් පතකි ළඳුනේ ඔබ..//
     
    ආදර උල්පත වියලන
    ගිම්හානේ සැඩහිරු ඔබ
     
    මගෙ ආදර පවසට ඔබ
    නියං කලට හඬන අහස
    මගෙ ආදර වරුසාවට
    යටිකුරු කල කලසකි ඔබ
     
    ගිම්හානය වෙනුවට මම
    වස්සානය වී එන්නද..//
     
    ඒ වැස්සෙන් පෙම්වත් වූ
    මිහිලිය වී මම ඉන්නද
     
    මගෙ ආදර පවසට ඔබ
    නියං කලට හඬන අහස
    මගෙ ආදර වරුසාවට
    යටිකුරු කල කලසකි ඔබ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS