මා දෙස නෙත් නොපියා බලාපූ
හෙමිහිට බලපොරොත්තු ගෙනාපූ
වැඩිපුර මාත් එක්ක නොආපූ
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපූ
ඔබ තවමත් ඇය තමයි ///
මගෙ හිත හදාපූ
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ//
පපුවට තුරුලු වී හිඳ හඩාපූ
ලංවී තොඳොල් බස් මට දොඩපූ
හිත ලඟ හීනෙන් නිදි වරාපූ
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ
මට තවමත් සුවඳ දෙයි///
මලකින් හමාපූ
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ//
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි