🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Kolom Thotin Naw Nagga
Play Video
Duration ⏱ 03:03
Category Unknown
Unknown ▶ YouTube Original Song

Kolom Thotin Naw Nagga

කොළොම් තොටින් නැව් නැග්ගා.. අපේ රටේ මනුස්සකම

Watch on YouTube
කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට..//
 
බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුබුහුටි කමට
නැවෙන් ඇවිත් කොළොම්තොටට ගොඩ බැස්සා අපූරුවට
අපෙ ඇත්තෝ බෝනික්කන් මිලදීගෙන කාසි වලට
කිරි දරු පැටවුන්ගෙන් නැව පුරවන්නේ ඒ වෙනුවට
 
කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට
 
මවු තුරුලෙන් පිපෙන මලට ලංසු තියන නොමිනිසුන්ය
දුප්පතුනගෙ මල් නෙලමින් ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව මාරු වෙලා කාසි වලට
කොළොම්තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම
 
කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට..//

🎵 Related Songs

View All →
MANAMALA KATHA
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ