කොළඹ දුවන්නියේ හෙට පාන්දර ඇවිත්
Kolamba Duwanniye
  • Lenght : 04:02

  • Song

    කොළඹ දුවන්නියේ හෙට පාන්දර ඇවිත් ගී පද / Kolamba Duwanniye Lyrics

    කොළඹ දුවන්නියේ....
    හෙට පාන්දර ඇවිත්
    මං එනතුරු ඉෂ්ටේෂමේම නැවතී ඉඳපං
    කීවාම මොකද බං
    මටනම් බයත් හිතේ දැන්
    උඹ වගේ ගමන් ගිහින් නෑනෙ මං...//
     
    හෙට යාළු රැළක් නුඹ එක්කල නඩේ ගැහෙන්නේ
    ඔය කොළඹ රටේ රජුන් හිටන් නුඹ අඳුනන්නේ
    එහෙ අළුත් යාළුවොත් මට මුණගැහෙයිද මන්දා
    ගං ගොඩේ ඉතින් මේ ගැන කුචු කුචු ගාන්නෙපා
    ගං ගොඩේ ඉතින් මේ ගැන කුචු කුචු ගාන්නෙපා
     
    කොළඹ දුවන්නියේ....
    හෙට පාන්දර ඇවිත්
    මං එනතුරු ඉෂ්ටේෂමේම නැවතී ඉඳපං
    කීවාම මොකද බං
    මටනම් බයත් හිතේ දැන්
    උඹ වගේ ගමන් ගිහින් නෑනෙ මං...
     
    දිග පීළි උඩින් කොහොමද උඹ නොවැටී යන්නේ
    බිං ගෙවල් මැදින් කළුවරේම පාර දකින්නේ
    මග නොදැන ගිහින් මමත් පීළි පනීද මන්ද
    අනෙ එහෙම වුණොත් මේ මෝඩිට හූ කියන්නෙපා
    අනෙ එහෙම වුණොත් මේ මෝඩිට හූ කියන්නෙපා
     
    කොළඹ දුවන්නියේ....
    හෙට පාන්දර ඇවිත්
    මං එනතුරු ඉෂ්ටේෂමේම නැවතී ඉඳපං
    කීවාම මොකද බං
    මටනම් බයත් හිතේ දැන්
    උඹ වගේ ගමන් ගිහින් නෑනෙ මං...//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS