කොළඹ දුවන්නියේ....
හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉෂ්ටේෂමේම නැවතී ඉඳපං
කීවාම මොකද බං
මටනම් බයත් හිතේ දැන්
උඹ වගේ ගමන් ගිහින් නෑනෙ මං...//
හෙට යාළු රැළක් නුඹ එක්කල නඩේ ගැහෙන්නේ
ඔය කොළඹ රටේ රජුන් හිටන් නුඹ අඳුනන්නේ
එහෙ අළුත් යාළුවොත් මට මුණගැහෙයිද මන්දා
ගං ගොඩේ ඉතින් මේ ගැන කුචු කුචු ගාන්නෙපා
ගං ගොඩේ ඉතින් මේ ගැන කුචු කුචු ගාන්නෙපා
කොළඹ දුවන්නියේ....
හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉෂ්ටේෂමේම නැවතී ඉඳපං
කීවාම මොකද බං
මටනම් බයත් හිතේ දැන්
උඹ වගේ ගමන් ගිහින් නෑනෙ මං...
දිග පීළි උඩින් කොහොමද උඹ නොවැටී යන්නේ
බිං ගෙවල් මැදින් කළුවරේම පාර දකින්නේ
මග නොදැන ගිහින් මමත් පීළි පනීද මන්ද
අනෙ එහෙම වුණොත් මේ මෝඩිට හූ කියන්නෙපා
අනෙ එහෙම වුණොත් මේ මෝඩිට හූ කියන්නෙපා
කොළඹ දුවන්නියේ....
හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉෂ්ටේෂමේම නැවතී ඉඳපං
කීවාම මොකද බං
මටනම් බයත් හිතේ දැන්
උඹ වගේ ගමන් ගිහින් නෑනෙ මං...//
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට