කවුරුවත් නැහැ.. කවුරුවත් නැහැ ගී පද / Kawuruwath Na Kawuruwath Na Lyrics
කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
එගොඩට යන්නට - එගොඩට යන්නට...
ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා - පාරුව ඇතුලට
ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ...
කවුරුවත් නැ කවුරුවත් නැ...
දවසින් දවසම පාලම හැදුනා
පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා
කිරන කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...
කවුරුවත් නැ කවුරුවත් නැ....//
දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා රහසේ
කවුරුවත් නැ කවුරුවත් නැ..../
