සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී

හඳ නෑ, කළුවරයි රාත්රිය
ඈ මගේ ළඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය
ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය
කතාවේ තව කොටසක් නිමා විය
දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ
ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නෑ පින්තූරේ
කවදාවත් අහන්නෑ මගෙන් "ඇයි පමා වූයේ?"
මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ
ඈ මන්දෝදරී, මං රාවණා
ඈ කාමිණී, මමයි වත්ස්යායණ
වෙනසක් නෑ මධ්යම රාත්රී, මධ්යහන
මේ හෝරාවයි සංවාස අධ්යාපන
කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි
එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි
උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි
රතු වෙලා වගෙයි ඈ පුපුරන්න මිනිත්තුවයි
තව මදියි ඇගේ කාමුක දෑස් අයදී
ඈ ළඟදි රති මාර දූත් පරදියි
ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී
"මා සනසන්න හැකි නුඹට ප.ම.ණී."
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි
දිව්යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි
මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී
මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී
අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්
ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්
සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්?
එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්
පුරඟනී, ඈ මා ගාව දැවටී
මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී
මුමුණාවී මතකින්, "මමයි නුඹේ රැජිණී"
"රජුනී, නුඹ කැමති දේ කළ මැනවී"
තෙත් කරන්නම් මං නුඹ වැස්සක් වගේ
මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ
රාගය ඇත ආලය නැතත් හදේ
ආත්මයන් ගැටී නොතේරෙයි ඇත්තක්ද මේ
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින්
ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි
ඒ කාමිණී මං ළඟ වැටී දණින්
එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස්
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි