🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Iri Thalunu Wala Udu Wiyan Yatin
Play Video
Duration ⏱ 03:27
Category Unknown
Unknown ▶ YouTube Original Song

Iri Thalunu Wala Udu Wiyan Yatin

ඉරි තැලුනු වලා.. උඩු වියන් යටින්

Watch on YouTube
ඉරි තැලුනු වලා, උඩු වියන් යටින් 
මුදු තාර ඇතිරිල්ලේ 
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ 
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ 
සෙනග රවටමින්
 
වටපිටේ සීරුවට 
විදුලි ඇස් සිනා සේවී 
නොරැවටී යන්න යමු 
කහ ඉරෙන් එතෙර වීලා
 
රිය පෙලේ කිරුල හිමි 
රජ වරුන් අත වනාවී 
බිම බලන් යන්න යමු 
කහ ඉරත් රැලි වැටීලා
මේ රිය පෙළ තුළ ද රජවරු සිටිති. ඔවුන් à¶…à¶­ වනනු ඇත. මේ à¶´à·Š‍රේමයට සම්බන්ධ දෙයක්ද? නැත. ඇත්තටම රචකයා à¶…à¶´à·š ඇස්වසා යටි පෙල අර්ථය කුළුගන්වයි. මේ à¶´à·Š‍රේමය හෝ පෙම්වතුන් නොවේ.
 
ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු à¶…à¶´à·’ ඇවිද යමු à¶´à·Š‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
සෙනග රවටමින්
 
මේ පෙම්වතුන් හට(?) උඩු වියන් බදින්නේ ඉරි තැළුනු වළාකුළුය. පා තබා යන්නේ ඇතිරිල්ලකය-එය මුදුය, නමුත් තාරය. ඇළුණු තාර ඔවුන් යන දිශාව අන් අයට පෙන්වයි.මේ ඇවිද යන්නේ සැම පැත්තෙන් ම එන සෙනගක් රවටමිනි. මෙසේ කරන මොවුන් ඇත්තටම පෙම්වතුන්ද?
 
නැත. සමන්, ඔහු ගේ නිසග හැකියාව මොනවට විදහා දක්වමින් විප්ලවයකට, සමාජ අරගලයකට සමාජ à¶´à·Š‍රවාහය ගෙන යන තුරුනු යුවලක් ගැන à¶…à¶´à¶§ කියයි.විදුලි ඇස්, පරීක්ෂාකාරී ඇස්, එනම් රාජ්‍ය ඔත්තු සේවාවන් විවිධ වූ à¶šà·Š‍රමවේදයන් හරහා ඔවුන් බිලී බා ගැනීමට කැස කවති. එයට නොරැවටී යනනෝ මේ සමාජ පරිවර්තනය සාක්ෂාත් කරගන්නෝ වෙති. මේ සමාජ පරිවර්තනයයි à¶šà·„ ඉර ලෙස සමන් අරුත් නංවන්නේ......à¶’ à¶šà·„ ඉරෙන් à¶‘à¶­à¶» වීමය මොවුන් ගේ ඒකායන අරමුණ. එයට මගය සමන් පෙන්වන්නේ. මේ රිය පෙළ, එනම් සමාජය දුවන පැත්තට ම යන දේශපාලකයන් ය රිය පෙලේ කිරුළ හිමි පුගුළන්. ඔවුන් විවිධ වූ දේශපාලන පොරොන්දු දෙමින් සමාජය වෙනස් කරන්නට යත්න දරන්නන් à·„à¶§ à¶…à¶­ වනති. මේ රැවටිල්ලටය සමන් "බිම බලන් යන්න යමු" යැයි කියන්නේ.à¶’ දෙස බැළුව හොත් ඔවුන් à·„à¶§ ද, පොරොන්දු දේශපාලනයට ද විප්ලවවාදී à·„à·” රැවටෙත්. සමාජ විප්ලව කරුවන් මේ මගඩි දේශපාලකයන් à·„à¶§ නොරැවටිය යුතු à¶¶à·€ ඔහු කියයි. මේවන් රැවටිල්ලකට හසු වන ඔවුන් ගේ විප්ලවය, සමාජ අරගලය-à¶šà·„ ඉර- පවා රැළි වැටි ඇති සෙයක් ඔහු දකියි.
 
ගේය පද රචකයෙකුට තම භාවයන් කෙතෙක් දුරට සගවා අර්ථය à¶´à·… à¶šà¶½ හැකිද, à¶…à¶´ කෙතරම් ගැඹුරින් ගීතයක විද ගත යුතු ද යන්නට මෙන්ම, ශ්‍රාවකයා ආනන්දෙයන් à¶´à·Š‍රඥාව කරා කලා කෘතියකින් මෙහෙයවන්නේ කෙසෙද යන්නද ගැඹුරු ලෙසටම පෙන්වන නිර්මාණයක් ලෙස මෙය සනිටුහන් කරනු කැමැත්තෙමි.
 
- Amarasiri Peiris

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ