සමාවෙන්න දරුවො මට
උබව හදාගන්න බැ මට දරුකමට
මේවා ලෝකයාගෙන් හංගපු කරුණු
නුබ වී තුරුණු එය රිදුණා දරුණුවට
ඇය නුඹහා ඇදහි කරමින්මයි කල්පනා
නුබ ආව දින සිට නැත සිහි කල්පනා
ගයමි වසරකට පහනක් දල්වලා
දුක දනී පරාගනේ නැවතුන මල්වල
පුවතකි හිනැස්සූ
නිමේෂයකදී තිගැස්සූ
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ
ඉපදීම හරී දුකක්ලූ//
කකුල් නොදා දියේ ගැඹුර බලන්නෝන රිටකින්
දැනටත් රිම් එකෙන් කොහොම අරන් දෙම්ද විටමින්
මටත් හොරෙන් උබේ අම්ම උබව හිතමින්
මායි අම්මයි තනි උනා දුක නිව්වෙ නිකොටීන්
කවුරු කිව්වත් පිටින්
අපි උබ යැව්වෙ ගතින් මිස යැව්වෙ නෑනේ හිතින්
අපිව තේරුම් ගන්න ඉතින්
උබේ පියා කුරුල්ලෙක් ය අත් හැරගත්ත මිටින්
උබේ වාරෙ එනකල් ඉන්න තැනක පරිස්සමට හිටින්
සමාවෙන්න දහස් වාරක්ම සමාවෙන්න
සුදුසුයි දඬුවමට එපා මේ පව් කමාවෙන්න
උබව යැව්වෙ බඩෙන් නෙවෙයි මේ අපායෙන්ම
උබ නැවත ඉපදුනොන් ආයෙත් මගේ බබා වෙන්න
වටේ එවුන් විකල්පයන් පෙන්නයි
කුලී ගෙදර මමයි උබේ අම්මයි උබයි දෙන්නයි
මං කිව්වෙ දැනට ගිහින් ආයෙ එන්නයි
මට තව කාලෙ ඕන මේ ගිනි නි වෙන්නයි
පුවතකි මාව හිනැස්සූ
නිමේෂයකදී තිගැස්සූ
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ
ඉපදීම හරී දුකක්ලූ//
හරිම මුස්පේන්තු පාලුවක්
උබ යැව්වා කිව්වා මං මට බැන්නා මගේ යාලුවත්
බයයි දකින්න හීනත් ලේ ගෑවුන සාලුවත්
ඇම දාපු එකා වැරදී ඒ ඇම කාපු මාලුවත්
වැරදී
ඔව් පුතේ කා අතිනුත් වෙයි වැරදී
ගෙදර වෙනස් තිබුනාට වඩා පැවතී
සැපදී හදාගන්නට තමයි කැමතී
කොල්ලෙක් වශයෙන් ජීවිතේම තේරුම් ගත්තා නැවතී
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි