හැංගියං මගෙ පැංචියේ ගී පද / Hengiyan Mage Penchiye Lyrics
අසනි වැස්සක් මුවා කරගෙන
සළු අපුල්ලන මංකඩේ
පල්ලෙවාහල නිළමෙ ඇවිදින්
හැංගියන් මගෙ පැංචියේ...
දිස්නෙ දුන්නත් කැකුළු රන් කඳ
හිරුට හොරැහින් ගොම්මනේ
තිසර පැටවියො වහං කෙරුමට
තහංචියි අපි අඩුකුලේ....
රදළ තුනුහිරු දවා හළු කළ
මගේ සුහුඹුල් සන්දියේ
වෙල්ල හැළියට කිළිටි පොදියක්
එක් කළෙත් මේ ගංතොටේ....
