යං යං යං හීනෙට ඇවිදන් යං
මංදාකිණියම පීරන්
යං යං යං හීනෙට ඇවිදන් යං
මංදාකිණියම පීරන්
හීන කියන දේවල්
ඇත්ත වෙන්නත් ඕනේ
මගෙ හීන වෙනස්
අමුතුයි දකින්නත් ඕනෙ
මගෙ කරගන්නයි මට
ඕනෙ මුලු ලෝකෙම
ඔව් හීන ත්ත වෙන්නෑ තමයි හැමෝගෙම
ඒත් කවුරුත් නැතත් විශ්වාසයි මට මාව
වැපුරූ තරමටයි ලැබෙන්නෙ ඵලදාව
එකදෙයයි ඉල්ලුවෙ බලන් අහස දිහාව
නැති නොවී තියෙන්නයි අම්මගෙ මූනෙ හිනාව
වාසනාව නෙවෙයි හැකියාවයි අංක එක
ඒ ලැබුන ආශිර්වාදෙ ඉන්නෙ මම හංගගෙන
පිලිගන්නම් මම හද නැත්තම් තරු යන එක
මම එන්නෙ හදත් අරන් තරුත් වැස්සක් වස්සගෙන
යං යං යං හීනෙට ඇවිදන් යං
මංදාකිණියම පීරන්
යං යං යං හීනෙට ඇවිදන් යං
මංදාකිණියම පීරන්
ඒ පොඩි ලෝක සිතියම
මම මගෙ හීන හොයන්නෙ පීරන් මංදාකිණියම
හැම වෙලාවෙම වෙන්නෑ ආස විදියම
යකඩෙ හැඩකරන්නත් ඕන වෙනවා ගිනියම
අපි ලබා ගත්තොත් මිසක් දේවල් ඉබේ ලැනෙන්නෑ
ලේසි ක්රමෙන් ලැබෙන සතුට හිතේ රැදෙන්නෑ
නෑ වේදිකාවට නැග්ග ගමන් තිරේ ඇරෙන්නෑ
මගෙ හීන ඇත්තක් වෙනකම්ම මැරෙන්නෑ
සුබ පතනව වගෙ මට හමා එන සුලගත්
මල් වැසි මුමුණ ජයග්රහනයේ පුවතක්
හීන හොයන නැවට උය්හ්සාහය රුවලක්
හෙළ රැප් පොතට තවත් නමක් සුවහස්
යං යං යං හීනෙට ඇවිදන් යං
මංදාකිණියම පීරන්
යං යං යං හීනෙට ඇවිදන් යං
මංදාකිණියම පීරන්
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි