හඬන්නට හැකිනම්
Hadannata Hakinam

Song

හඬන්නට හැකිනම් ගී පද / Hadannata Hakinam Lyrics

හඬන්නට හැකිනම් හඬන්නෙමි
බැරි නිසා නොහඬා හිඳින්නෙමි
මගේ කඳුලක් ගිනි කඳක් සේ
නුඹෙ හිතට වද දෙන නිසා
 
ලියන්නට හැකිනම් ලියන්නෙමි
බැරි නිසා නොලියා හොඳින්නෙමි
ලියන කවියත් වැලැපුමක් සේ
නුඹෙ හිතේ රැව් දෙන නිසා
 
කියන්නට හැකිනම් කියන්නෙමි
බැරි නිසා නොකියා හිඳින්නෙමි
කියන වදනත් ආදරේ මුත් 
එය නුඹට නොදැණෙන නිසා

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS