ඈත අහසේ ගී පද / Etha Ahase Lyrics
ඈත අහසේ නැඟේ දිනිඳු පායා..
සීත සුළඟින් ගෙනාවේ ආදරේ..
ආදරේ..
ආදරේ සිහින ඡායා...
ඈත අහසේ නැඟේ දිනිඳු පායා...
තරුණ ගොයමින් ගමේ වෙල් සිනාවේ
කවුරු සනසන්න දෝ මේ වෙලාවේ..
පුරුදු ගතියයි කැලෑ මල් ගෙනාවේ
ලොවම සුවඳින් පිරේ වාසනාවේ..
කවුද මට මේ සුවය දුන්නේ..
හැංගි හැංගී පෙනේ රූප ඡායා..
ඈත අහසේ නැඟේ දිනිඳු පායා....
ගොපලු දරුවන් වැයූ බටනලාවේ
මිහිර කවුදෝ අනේ මේ ගෙනාවේ..
අඳුරු යුගයක් ගෙවූ වේදනාවේ
සුවය ලැබුවා ඔබේ මල් හිනාවේ..
කඳුළු ගංගා සිඳී යන්නා..
කවුද ඇන්දේ හදේ රූප ඡායා..
ඈත අහසේ නැඟේ දිනිඳු පායා....
ඈත අහසේ නැඟේ දිනිඳු පායා..
