එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්..
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී..
තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ
නිලියක වනු පල නෑ...
ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්
එහි මහරුත ඔබ තව වටහාගෙන නෑ...
එපා තවත් ඔබ මා...//
මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ
තවදිව යනු රිසි නෑ...
අවසන් පෙම් කඳුලක් පුද දුන් පසු
ඔබට පුදන්නට මා ලඟ සෙනෙහස නෑ...
එපා තවත් ඔබ මා...//
Related Songs
View All →
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ