දුන්නු වේදනා මේ නෙතින් උදුරලා
Dunnu Wedana Me Nethin Uthurala
  • Lenght : 04:05

  • Song

    දුන්නු වේදනා මේ නෙතින් උදුරලා ගී පද / Dunnu Wedana Me Nethin Uthurala Lyrics

    දුන්නු වේදනා මේ නෙතින් උදුරලා
    මතක රැස් වෙලා හිත අයාලේ ගියා
    හිතෙන්නේම නෑ ඔබ මගේ නොවේ කියා
    ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා
     
    කෙටි කාලයකින් හමුවී
    මගෙ ජීවිතයට පැමිණි
    ලස්සනම සිහිනෙකි ඔයා //
     
    මේ සීත වස්සානේ පාළුව දවන්නේ
    තනිකමයි හදවත සරන්නේ
    මේ අන්ධ හිත මානේ මතකය තැවෙන්නේ
    සෝ සංකා හිරිහැර කරන්නේ
     
    කෙටි කාලයකින් හමුවී
    මගෙ ජීවිතයට පැමිණි
    ලස්සනම සිහිනෙකි ඔයා //
     
    සඳ නේන රෑ යාමේ සසලව හිඳින්නේ
    කළුවරයි දසතින් හමන්නේ
    වැටෙන හුස්මක් ගානේ ඔබවමයි සිහිවන්නේ
    ඔබ කොහේදෝ හිඳින්නේ
     
    කෙටි කාලයකින් හමුවී
    මගෙ ජීවිතයට පැමිණි
    ලස්සනම සිහිනෙකි ඔයා //
     
    දුන්නු වේදනා මේ නෙතින් උදුරලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS